Showing posts with label Amila Perera. Show all posts
Showing posts with label Amila Perera. Show all posts
0

Hiru Makee Yai - Raween Kanishka Anuhas Songs


හිරු මැකී යයි (Acoustic Version) (අනුහස්) රවීන් කනිෂ්ක Hiru Makee Yai - Raween Kanishka Anuhas Songs

හිරු මැකී යයි නීල අහසේ 
සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ 
යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ...

නෙතු සලා හමුවෙලා......

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ...

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ...

හිරු මැකී යයි නීල අහසේ .....

මුල් ගායනය - අමිල පෙරේරා ( ආසයි මo පියාඹන්න චිත්‍රපටිය වෙනුවෙන් )
ගී පද - ආරියසිංහ පෙරේරා 
සංගීතය - මහේෂ් දෙනිපිටිය 

Popular Posts-Last 7 days